Friday, June 23, 2017

ඩෙංගු ගැන ඔබ දැන සිටිය යුතුම කාරණා කිහිපයක්..


මේ දිනවල ඉතා වේගයෙන් පැතිරී යන රෝගී තත්වයක් ලෙස ඩෙංගු හදුන්වන්න පුලුවන්. මෙහිදී ඩෙංගු රෝගය පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම දැන සිටිය යුතු කාරණා කිහිපයක් පිළිබඳව දැනුවත් කිරීමටයි මේ වෑයම.

ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ඔක්කාරය, ඇගපත වේදනාව සමඟ,

  • හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පපුව රිදීමක්
  • සමෙහි රතු ලප හට ගැනීමක්
  • මුත්‍රා පහවීම අඩු වීමක්
  • දියරමය මළපහ පිටවීමක්
  •  සෙම් ගතියක්
  • බඩ රිදීමක් සමඟ බඩ පිපුමක්
යනාදිය ද ඩෙංගු  රෝගයේ ලක්ෂණ විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.


එසේම මෙහිදී රුධිර පරික්ෂාවක් (FBC- full blood count) කර ගැනීම අනිවාර්ය වේ

  • සාමාන්‍ය පුද්ගලයෙකු නම් උණ සෑදී 3 වන දිනයේ දී                                                 
  • වයස අවුරුදු 1 ට අඩු කුඩා දරුවෙකු හෝ ගැබිණි මවක් නම් උණ සෑදී 1 වන දිනයේ දී
  • අවුරුදු 70 ට වැඩි ජේ්‍්‍යෂ්ඨ පුරවැසියෙකු නම් උණ සෑදී 2 වන දිනයේ දී  
  • නිදන්ගත රෝගයකින් පෙ⁣⁣ෙළන්නෙකු නම් උණ සෑදී 2 වන දිනයේ දී      
රුධිර පරික්ෂාව කරගත යුතු ය. එහිදී මෙම රුධිර පරික්ෂාව සාමාන්‍ය වුවත් පසු දින එම පරික්ෂාව නැවතත් සිදු කර සුදුසුකම් ලත් වෛද්‍යවරයකු ලවා එම වාර්තා සැසදීම කළ යුතු ය.

ඩෙංගු රෝගියෙකු රුධිර පරික්ෂාවක් මගින් මුල් වරට හදුනා ගැනීම රුධිර පට්ටිකා අඩු වීම මගින් වුවත්⁣ රෝහල්ගත කිරීමෙන් පසුව PVC/HCT වැඩිවීම පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතු ය.


ඖෂධ භාවිතයේ දී,
උණ සමනයකරගැනීම සදහා paracetamol ඔෟෂධය පමණක් නියමිත මාත්‍රාව හා කාල පරාසයන් තුළ භාවිතා කළ යුතු ය.
උණ අඩුකර ගැනීමට ඇඟපත වේදනාවට වෙනත් කිසිදු ⁣⁣ඖෂධයක් භාවිත නොකරන්න. එම ඖෂධ ඩෙංගු රෝගය උත්සන්න වීමට බලපෑ හැකියි.
වෙනත් නොගත යුතු ඖෂධ ගැනීමෙන් උණ හා ඇගපත වේදනාව අඩු වුවත් එමගින් ඩෙංගු රෝගය බරපතල සංකූලතා ඇතිවිය හැකි ය. තවද  රුධිරය කැටි ගැසීමෙන් ඩෙංගු රක්තපාතය දක්වා වර්ධනය විය හැකි ය. හැකි ඉක්මනින් රෝගය හදුනාගැනීම/ අවශ්‍ය නම් රෝහල්ගත කිරීම හා නිවැරදි ප්‍රතිකාර තුළින් රෝගය සුව කිරීම සිදු වේ.          

2 comments:

  1. ඩෙංගු රෝගය වැළඳීමේදී ඔබ ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ සියල්ල එකවර හටගන්නේ නැත. මුලින්ම දැඩි ඇඟපත වේදනාවක් සමග තද උණක් හටගනී. බොහෝවිට රෝගය වැළඳී මුල් දින තුනේදී ඇති වන්නේ සාමාන්‍ය වෛරස් උණක ස්වභාවයයි. සමෙහි රතු ලප, බඩ පිපුම, මළ මුත්‍ර පහවීමේ අක්‍රමිකතා ආදිය ඇතිවන්නේ එහි දෙවන අදියර වන රක්තපාතික තත්වය ඇතිවුවහොත්ය.
    තුන්වන දිනයේදී උණ බැස යයි. එහෙත් එය සුවවීමක් නොවේ. බරපතල තත්වය ඇතිවන්නේ ඉන් අනතුරුවය. ඩෙංගු නිසා ශරීරයේ හටගන්නා ප්‍රතිදේහ වල අධික ක්‍රියාකාරිත්වය නිසා රුධිරවාහිනී වලට හානි වී ප්ලස්මාව පිටවී යයි. එය දැනගතහැකි වන්නේ පට්ටිකා ප්‍රමාණය (platelet count) අඩුවීමෙනි. එනිසා පට්ටිකා අඩුවීමත් රෝග ලක්ෂණයක් පමණි. කෘත්‍රිමව පට්ටිකා වැඩි කරගැනීමට උත්සාහ කළා කියා රෝගය සුව වන්නේ නැත. මේ අවස්ථාවේදී පානය කරන දියර සීමා කළයුතුය. පැයකට මි.ලී. 40කට වඩා දියර නොගත යුතුය. පිටවන මුත්‍රා ප්‍රමාණයද මැනිය යුතුය. එය පැයකට මි.ලී. 25කට වඩා අඩු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුය. නැතහොත් අභ්‍යන්තර රුධිර වහනය නිසා මාරාන්තික තත්වයක් ඇතිවේ. සුවවනතුරු ඇතිවිය හැකි සංකූලතා පාලනය කරගැනීමට රෝහල්ගතවීම අත්‍යවශ්‍යය. අවශ්‍ය පරිදි සේලයින් සමග ඖෂධ දෙනු ඇත. (මටද ඩෙංගු වැළඳී සුව වූ නිසා මේ ගැන හොඳින් දනිමි) පැරසිටමෝල් හැර වෙනත් කිසිම ඖෂධයක් හිතුමතයට පාවිච්චි කිරීමද භයානක බව සලකන්න.

    ReplyDelete
  2. Hard Rock Hotel Casino and Spa - MapyRO
    Find out 청주 출장마사지 more about Hard Rock Hotel Casino 사천 출장마사지 and 오산 출장마사지 Spa 정읍 출장마사지 in Rockaway, MS. Find 서귀포 출장샵 reviews, hours, directions, and more for Hard Rock Hotel Casino and Spa in Rockaway.

    ReplyDelete

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...