Saturday, May 27, 2017

ජීවන වේදිකාවෙන් බැස ගිය මහා කලාකරුවානෝ



                                        

සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , කලා විචාරකයෙකු ලෙස ප්‍රකට නමක් දිනා සිටි මහාචාර්ය සිරි ගුණසිංහ මැයි මස 25 වන දින අභාවප්‍රාප්ත විය. කලක් කැනඩාවේ ජීවත් වූ සම්මානනීය මහාචාර්යවරයා මිය යන විට 97 වන වියේ පසුවිය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සිය ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කල ඔහු කලක් එහි සිංහල අංශයේ ද දේශකයෙකු විය.
තම පලමු නවකතාව වූ 'හෙවනැල්ල' මගින් සමාජ සංවාදයක් ගොඩනැගීමට සිරි ගුණසිංහයෝ සමත් විය. එම නවකතාව ශ්‍රී ලංකාවේ මහා නවකතාකරුවන් කීප දෙනා අතර සිය නම රැදවීමට මහත් පිටුවහලක් විය.
1960 දශකයෙහි ඇතැම් විචාරකයන් විසින් සිරි ගුණසිංහ ' ශ්‍රී ලංකාවේ පංච මහා නවකතාකරුවන්ගෙන්' එක් නිර්මණකරුවෙකු ලෙස ලේඛනගත කරනු ලැබ ඇත.
පසු කාලයේදී සිය සිනමා ජීවිතය ආරම්භ කළ සිරි ගුණසිංහයන්ගේ සම්මානනීය එකම චිත්‍රපටය "සත් සමුදුර" වේ. එසේම සිරි ගුණසිංහයන් "රන්වන් කරල්" නමින් කෙටි චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කර ඇත.
එ⁣සේම සිරි ගුණසිංහයන් කවියෙකු ලෙසද සිංහල සාහිත්‍යයට ඉමහත් සේවයක් ඉටු කර තිබේ. "අභිනික්මන" සහ "මස් ලේ නැති ඇට" වැනි පද්‍ය සංග්‍රහ මගින් ඔහු හදුන්වා දුන් නිදහස් පැදි ආර පසු කාලයේ නිසදැස් කවියට පාර කැපීමක් විය.
පසු කාලයේ ඔහු සිංහල කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ වන වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය ටෙලි වෘත්තාන්තයක් බවට පත් කලේ ය.

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...