Friday, June 9, 2017

රුහුණු පුර සොබා රූ කොමලිය ; කන්නෙලිය

කන්නෙලිය හෙවත් පුංචි සිංහරාජය නමින් හදුන්වන රක්ෂිත වනය ගාල්ල නගරයේ පිහිටි ඉහළ ජෛව විවිධත්වයකින් යුත් වනයකි.

ගාල්ල උඩුගම මාර්ගය ඔස්සේ හෝ දක්ෂිණ ලංකා අධිවෙිගී මාර්ගය බද්දේගම පිවිසුම් මඟ හරහා උඩුගමට පැමිණ,  උඩුගම සිට හිනිදුම දක්වා දිවෙන මාර්ගයට ඔබ්බෙන් පිහිටි නන්නිකිත ඇළ දක්වා දිවෙන කුඩා පටු මාර්ගය ඔස්සේ ගමන්කරන විට කන්නෙලිය රක්ෂිත වනය හමුවේ.

කන්නෙලියේ අතීතය රජ සමය දක්වාම දිව යයි. විජයබාහු රජතුමා සහ සෝලීන් අතර මෙම ප්‍රදේශවල සටන් පැවති බව ජනප්‍රවාදවල සදහන් වෙි. කන්නෙලිය යන්න "කන්‍ය එළිය" යන්නෙන් බිදී ආ බව ඇතැමුන් විශ්වාස කරන අතර, වලගම්බා රජු මෙම ප්‍රදේශ ආශ්‍රිතව සැගවී සිටි කාලයේ කුසගින්නේ සිටි කතකට තම බත්පත ලබා දී "කන්න ලිය" යැයි පැවසූ ස්ථානය කන්නෙලිය වූ බව ඇතැම්හු පවසති.

වන සංරක්ෂක දෙපාර්තමේන්තුව විසින් 1934 කන්නෙලිය වනය රක්ෂිත වනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. එසේම 1990 දී මෙය රක්ෂිත වනයක් ලෙස නම් කර තිබේ. 2004 දී UNESCO ආයතනය මගින් මෙය අන්තර්ජාතික ජෛවගෝල රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇත.

කන්නෙලිය වනයේ සුවිශේෂත්වය ගැන අවධානය යොමු කිරීමේදී කඳු හා නිමිනවලින් යුත් 60-425m උච්චත්වයකින් යුත් කන්නෙලිය වනයේ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ.

එක් කුඩා ප්‍රදේශයක හමුවන වැඩිම ජෛව විවිධත්වයක් හමුවන්නේ ද මෙතුලයි. එනිසා මෙම වනය ජෛව විවිධත්ව උණුසුම් කලාප හෙවත් bio diversity hot spot ලෙස හදුන්වයි. වනාන්තරය අලුතින් වැඩුනු ශාකවලින් යුත් ද්විතීය වනාන්තර දක්නට ලැබේ.

කන්නෙලිය වනය තුළ ශාක වර්ග ගණනාවක් දක්නට ලැබේ. මින් 25% ක් ලංකාවට ආවේනික ශාක වර්ග වේ. එසේම කන්නෙලිය වනයේ ඉහළ සත්ව විවිධත්වයක් දක්නට ලැබේ. පක්ෂි විශේෂ, ක්ෂීරපායි විශේෂ, උභය ජීවී විශේෂ, උරඟ විශේෂ ගණනාවක් දැකගත හැකි ය.

සංචාරකයන්ට ඉතා හොදින් මෙම අත්දැකීම විද ගැනීම සදහා වනාන්තරය තුළ සොබාවික මංපෙත් නිර්මාණය කර තිබේ. ඒ අතර ගුහාව මංපෙත, යෝධ පුස්වැල මංපෙත, නාරංගස් ඇල්ල මංපෙත යනාදිය හදුන්වා දිය හැකි ය.

වනයට ඇතුලු වී මීටර් කිහිපයක් යන විට රක්ෂිතයෙන් ගලා එන ස්වභාවික නාන තටාකයක් හමුවේ. එසේම වනාන්තරය මැදින් වැටී තිබෙන මාර්ගය ඔස්සේ ගමන් කරන විට මංපෙතට පහලින් පිහිටා  තිබෙන වවුල් ලෙන ඔස්සේගමන් කිරීම සැබවින්ම නැවුම් අත්දැකීමකි. එයින් මතුවු පසුව වනයේ සුන්දරම දිය ඇල්ල වන අනගිමල ඇල්ල දැකගත හැකි ය.
අනගිමල ඇල්ල පසුකර මද දුරක් යන විට හෙක්ටයාරක පමණ භූමි ප්‍රමාණයක පැතිරුන යොධ පුස්වැල දැකගත හැකි ය. මෙය සිංහරාජයේ පුස්වැලට පමණක් දෙවැනි වේ. ඉන් එහාට තවත් 5km යන විට යෝධ නවඳ ගස දැක බලාගත හැකි ය. මෙය ඉතා දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. මද දුරක් ගිය තැන අඩි 200 ක් උසින් නාරංගස් ඇල්ල හමුවේ.

මීට අමතරව පිහිටි මංපෙතක් ලෙස කබ්බලේකන්ද ඇල්ල තරණය කළ හැකි වෙි. එය ද ඉතා මිහිරි අත්දැකීමක් වන අතර එහි මුදුනේදී රමණීය ගාල්ල නගරය දැකගත හැකි ය.

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...