Wednesday, July 26, 2017

අතැඹුලේ ගුණ වරුණ



ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස අඩංගු රස පහකින් යුක්ත "පංචරයා " යන නාමය පටබැඳි ගුණවත් පලතුරකි. මෙය ලවණ රසය හැර අන් සියලු රසයන්ගෙන් පරිපූර්න වේ.

නෙල්ලි ශාඛය මීටර් 10 ක් පමණ උසට වැඩේ. සිංහල නාමයෙන් ඇඹුල ලෙස ද දෙමලින් නෙල්ලිකායි ලෙස ද ඉංග්‍රීසියෙන් Indian Goosbery යන නාමයෙන්ද හදුන්වයි.

නෙල්ලි ශාඛය තෙත් පහත් බිමිවල සුලබව දක්නට ලැබේ. නෙල්ලි ශාඛයේ අමු හා වියලි ගෙඩි, කොළ, පොතු, මල් හා ඇට ද ඖෂධ වශයෙන් ගනී.


නෙල්ලි ඇසට හිතකර, කෙස් වැවීමට උපකාරීවන ⁣ඖෂධයකි. හෘදය ශක්තිමත් කරයි, ලේ පිරිසිදු කරයි, කෑම අරුචිය නසයි.


  • නෙල්ලි රසකිඳ තම්බා වතුර දිනපතා පානය කිරීමෙන් ලේ ධාත්ව පිරිසිදු කර දාහය නිවා නීරෝගිමත් ශරීරයක් ඇති කරයි.
  • මුඛයේ තුවාලවලට නෙල්ලි කොළ තැම්බූ වතුරින් කට සේදීම ගුණය.
  • ශරීරගත සුද යාමේ රෝගයට නෙල්ලි පිටි හෝ යුෂ මී පැණි දමා බීම හොදය.
  • අර්ශසයට නෙල්ලි, රසකිද එකට අඹරා එම කල්කය එලමෝරු දමා බීම ගුණය. 
  • වාත රක්තයට නෙල්ලි යුෂය ගිතෙල් සමඟ කාරා බොන්න
  • මූත්‍රා දාහයට නෙල්ලි යුෂයට කහකුඩු දමා බීම හොදය. 
  • මූත්‍රා අඩස්සියට නෙල්ලි උණු වතුරින් අඹරා යටි බඩේ ගාන්න.
  • නාසයෙන් ලේ යාමට නෙල්ලි ගිතෙලින් බැඳ අඹරා හිසේ ගාන්න.

No comments:

Post a Comment

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...