Thursday, June 29, 2017

රුහුණේ මහා කිවිදිය - ගජමන් නෝනා


ඇය මෙලොව එළිය දුටුවෙි 1746 මාර්තු මස 10 වන දින ය. ඒ දකුණු පලාතේ බෙලිඅත්ත නගරයේ දෝන ප්‍රැන්සිස්කු ද සේනාරත්න පෙරුමාල් මහතාට සහ මිලාගිරියේ කොන්දගමගේ දෝන ප්‍රැන්සිනා ග්‍රේරු යන ලන්දේසි දෙමාපිය යුවලට දාව ය. ඇය උපන්නේ කොලඹ බම්බලපි⁣ටියේය. පසුකාලීනව මාතර වල්පල ආශ්‍රත වේරගම්පිට ගමට පැමිණ වේරගම්පිට රජමහා විහාරය අසල තුපුපහිගෙවත්ත යන ස්ථානයේ නිවසක ජීවත් වූවාය.

කීර්ති ශ්‍රී කරතොට ධම්මාරාම හිමියන් යනු සිරිලක සාහිත්‍ය භාෂාව හා බුදු දහම යන ක්ෂේත්‍රයන්හහි ඉමහත් ප්‍රවීනත්වයක් දැරූ හිමි නමකි. එම හිමිනමගෙන් පාලි සංස්කෘත හා බුදු දහම හැදෑරීමට රුහුණේ මහා කිවිදිය වාසනාවන්ත වූවාය. එසේම ඇගේ මාමා ⁣කෙනෙකු වන පත්තායමේ ලේකම් ප්‍රකට කිවිවරයෙකි. ඔහු ඇසුරින් ද ඇය තම කවීත්වය  දියුණු කර ගත්තාය.

ඇය ගාල්ලේ තල්පෙආරච්චි මහතා සමඟ විවාහ විය. කෙටි කලකින් ඔහු මිය ගිය පසු මාතර මුහන්දිරම්වරයෙකු සමඟ විවාහ විය. කරතොට නා හිමි ඇසුරින් ප්‍රගුන කළ භාෂා ඥානයත්  නිසග කවි ශක්තියත් උපයෝගී කරගෙන කවි හරඹයේ නිරත වූවාය. ඇගේ පද්‍ය පංතීන් අතර ස්වභාව ධර්මය ඉතා මනහරව වර්ණනා කර තිබෙන ⁣දෙනිපිටියේ නුග රුක හා සම්බන්ධ පද්‍ය පංතිය සුවිශේෂී වේ. එසේම දැඩිතර ශෝභමාලය , පියාගේ මරණය, සමරසේකර ගුණවර්ධන, ගජනායක අවමගුල් වර්ණනාව, තිලකරත්න මුදලිට සෙත් පැතීම, මාතර දිසාපති ජෝන් ඩොයිලිගෙන් ආධාර ඉල්ලා යැවු සංදේශය ආදී අලංකාර පද්‍ය පංති ගණනාවක් ඇය අතින් රචනා විය. එසේම විවිධ සිද්ධීන් අලලා ඇති වූ සංවාද කවි රැසක් ද රචනා කර ඇත. උපතින් හිමි වූ තමාගේ නිසග කවි හැකියාවත්, අධ්‍යාපනයෙන් ප්‍රගුන කළ දැනුමත් ඇතිව සිංහල කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි ඇය ඊට ඉමහත් සේවයක් ඉටු කලාය.


ඇය අවසානයේ ඉතා දුක්ඛිත ජීවිතයකට පත් වූවා ය. අවසන් සමයේ තම දරුවන් පෝෂණය කිරීමට පවා ඇය අපොහොසත් වූවාය. මේ නිසා ඇය මාතර හම්බන්තොට දිසාපතිවරයා වන ජෝන් ඩොයිලි මහතාට කාව්‍යමය සංදේශයක්  යවමින් ජීවත්වීමට ආධාර පැතුවාය. එම සංදේශයට ඇහුම්කම් දීමක් වශයෙන් දිසාපතිවරයා ඇය ජීවත් වූ මාතර හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෝනාගම මංසන්ධිය ඇතුළු ඒ ගම්මානය ගජමන් නෝනාට පවරා දෙන ලද්දේය. වත්මනයේ නෝනාගම මංසන්දියේ ඇය වෙනුවෙන් ප්‍රතිමාවක් ඉදිකර ඇත. එම ස්ථානයට නෝනාගම හන්දිය යැයි නම් තබන ලද්දේ ද ඇය සිහිපත් කිරීම සදහා ය. ඇය මෙරට පද්‍ය සාහිත්‍ය තුළ අමරනීය නාමයක් ඇති කලාය.

ගජමන් නෝනා කිවිදිය 1814 දෙසැම්බර් මස 15 වන දින අවසන් හුස්ම හෙලුවාය. අවසන් හුස්ම හෙලීමට සූදානම්ව මරණ මංචකයේදී ද ඇය කවියක් ලිවුවාය.

සක වසිනෙක් දහස් සත්සිය
සතිස් වස
වකලද තෙළෙස් උඳුවප්
අවඟුරු දවස
නෙක ගුණ දෝන ඉසබෙල්
පෙරුමල් දිගැස
සකපුර පැමිණ දිවසිරි සැප
විදින ලෙස

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...