Monday, June 5, 2017

ජගත් පරිසර දිනය



ජගත් පරිසර දින සැමරුම් ආරම්භ කෙරුණේ, 1972 වර්ෂයේදී ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සම්මේලනයට ඉදිරිපත් වූ යෝජනාවක් සම්මත වීම සමග ය.

මෙම දිනය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ වූයේ, ලොව වටා පරිසරය පිළිබඳ දැනුවත් කිරීමත්, පරිසරය ⁣කෙරෙහි වන දේශපාලන අවධානය හා ක්‍රියාකාරීත්වය වැඩි කිරීම ය.

සැබවින්ම පරිසරය යනු කුමක්ද? "මා නොවන සියල්ල පරිසරය" වන බව අයින්ස්ටයින් පවසා තිබේ. "වාතය, ජලය හා භූමියට අදාල සමාජ හෝ සියල්ලම පරිසරය" වන බව බ්‍රිතාන්‍ය පරිසර ආරක්ෂණ පනත පෙන්වා දේ.



මානවයා ද පරිසරයේම කොටසකි. ඔහු සොභාදහම තමාට උවමනා ආකාරයෙන් පාලනය කිරීමට ගත් උත්සාහය හේතුවෙන් දැන් දැන් ස්වභාවික ආපදාවන් බහුල වී තිබේ. සොභාදහමේ එම අනතුරු ඇගවුම් වටහාගෙන සොභාදහම සමඟ යහපත් සබඳතාවයන් ගොඩනගා ගැනීමට කාලය එලඹ තිබේ.

මෙවර පරිසර දිනයේ තේමාව වන්නේ "සොභාදහම හා බැදුනු ජනතාවක්" යන්නයි. එමගින් මානවයා පරිසරය හා තව තවත් සමීප කරවමින් පරිසර හිතකාමී ජීවන මාදිලීන් හා චර්යාවන් පුරුදු පුහුණු කිරීමට අපේක්ෂා⁣ කෙරේ.

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...