Sunday, June 25, 2017

නීරෝගී දිගු කෙස් කලඹකට...


  
නීරෝගී දිගු කෙස් කලඹකට උරුමකම් කීමට ලැ⁣බෙන්නේ නම් එය වාසනාවකි. කාන්තාවගේ පංච කල්‍යාණයෙන් එකක් වන කේශ කල්‍යාණය රූමත් බවේ සංකේතයකි. තනි කරලට ගොතා නිතඹ තෙක් වැටුනු කෙස් ආසියානු කාන්තාවගේ ලාලිත්‍යය විදහා පායි.

එහෙත් වත්මන් කාන්තාව කෙස් කලඹ සම්බන්ධ ගැටලු රැසකට මුහුන දේ. අකලට කෙස් පැලීම, හිසකෙස් වැටීම, හිස්හොරි, උඳුගොව්වන් කෑම ඒ අතර වේ. මේ තත්වයන් වලක්වා ගැනීම සදහා සිදු කළ හැකි ⁣⁣ඖෂධීය ප්‍රතිකාරයන් ගැනයි මේ.

තෙල් සත්කාරය නූතන කාන්තාව අතින් සිදු නොකෙරෙන තරම් ය. මේ නිසා අකලට කෙස් වැටීම හා පැලීම සිදුවේ. එසේම හිසකෙස් ආශ්‍රිත ගැටලු මගහරවාගෙන නීරෝගී කෙස් කලඹකට උරුමකම් කීමට නම්,
  • නෙල්ලි තැම්බූ වතුර පානය
  • ඉරිවේරිය තැම්බූ වතුර පානය
  • බුළු කුඩු, උක් හකුරු සමග මුසු කොට ආහාරයට ගැනීම
  • සැවැන්සරා තැම්බූ ජලයෙන් හිස සේදීම
  • තිබ්බටු, කීකිරිදිය ආහාරයට ගැනීම            කළ හැකි ය.
හිසේ ආලේපය සඳහා,
  • වෙරලු කොළවලින් හිස සේදීම
  • කෝමාරිකා මද, බිත්තර කහ මද සමග මුසුකොට හිසේ ආලේපය
  • නිල් අවරිය කොළ කොටාගත් යුෂ හිසේ ආලේපය
  • කරපිංචා කොළ ⁣දමා රත්කර ගත් පොල් තෙල් හිසේ ආලේපය
එසේම හිස්හොරි සඳහා,
  • දෙහි ගැට, උළු හාල් තම්බා හිස සේදීම
  • ගොඩපර යුෂ ආලේපය
  • වෙරළු කොල යුෂ ආලේපය
  • වතුරේ දමා පොගාගත් උළුහාල් අඹරා හිසේ ආලේපය  
  • බිත්තර කහ මද, දෙහි යුෂ සමග මුසුකර ආලේපය
  • විනාකිරි, දෙහි යුෂ සමග මුසුකර ආලේපය


හිසකෙස්වල පිරිසිදු බව ආරක්ෂා කර ගැනීම සඳහා වත්මනයේ බොහෝ කාන්තාවන් කෘතිමව සකස් කළ ෂැම්පු වර්ග යොදා ගනී. එයින් හිස් කබලේ ස්වභාවික ක්‍රියාකාරිත්වයට බාදා ඇතිවේ. එහෙත් ශාකසාර භාවිතයෙන් නිවසේදීම ෂැම්පු වර්ගයක් සාදා ගත හැකිය.
එනම් බිත්තර කහ මදයට විනාකිරි මේස හැදි 2 ක් හා දෙහි යුෂ 5-10 ක් මිශ්‍රකර ආලේපය යි.

මේ දේවල් අනුගමනය කිරීමෙන් ඔබටත් දිගු නිල්වන් වරලසක හිමිකාරියක් විය හැකි ය.


No comments:

Post a Comment

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...