Sunday, May 28, 2017

ජපන් හයිකු කවිය

හයිකු යනු ජපන් පද්‍ය සම්ප්‍රදායකි. හයිකු කවියක ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි කෙටි බවයි. එය වචන කිහිපයකට සීමා වෙි. එ⁣සේම හයිකු කවියට සුවි⁣ශේෂී වූ නීතිරීති කිහිපයක් තිබේ.


මෙහිලා හයිකුවේ ආරම්භය පිළිබඳ ව අවධානය යොමු කළ හැකි ය. කවි ගනනාවකින් සමන්විත ජපන් කවි පංතියක් "රෙංගා" හෝ "රෙංකු" යන නමින් හැදින්වේ. පළමු කවිය හැදින්වූයේ "හොක්කු" යන නමිනි. "හොක්කු" යන ජපන් වචනයේ අර්ථය පළමු කවිය යන්නයි. හයිකුවේ අද ඇති නීතිරීති බොහොමයක් ⁣හොක්කු කවියට ද අදාල විය.
දහ හත්වන සියවසේ ජපන් කවියෝ හොක්කු කවි, කවි පංතියක පළමු කවිය වෙනුවට තනි නිර්මාණ වශයෙන් යොදා ගැනීමට පටන් ගත්හ. මෙම තනි හොක්කු හැදින්වූයේ හයිකු යන නමිනි.

හයිකු බිහි කිරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කලේ "මත්සුවෝ බාෂෝ" විසිනි. ඔහු හයිකු කවියේ පියා ලෙස සැලකේ. එසේම එතෙක් මෙතෙක් බිහිවු විශිෂ්ටතම හයිකු කවියා ඔහු ය.

හයිකුවකට පාදක වන්නේ යමිකිසි එක මොහොතක හෙවත් ක්ෂනයක සිදුවන සිදුවීමක් හා ඒ අනූව ඇතිවන චිත්ත සංඥාවකි. හයිකුවක යටි පෙළක්, සැඟවුනු අරුතක්, සමාජයට දෙන පණිවිඩයක් හෝ උත්ප්‍රාසයක් නැත. යම් කිසි සිදුවීමක් දකින කවියා ඒ අනූව ඇතිවන චිත්ත සංඥාාව

කවියට නගයි.
එක් මොහොතක සිදුවන සිදුවීමක් අරමුනු කරන හයිකු සෙන් බෞද්ධ සම්ප්‍රදායේ බිහි වූවකි. මෙි වනාහි භාවනාවකි.
මත්සුවෝ බාෂෝ විසින් රචිත "පැරණි පොකුණ" නම් හයිකුව විශිෂ්ට හයිකුවකි.

"ෆුරුසිකෙ යා
කවාසු තොබිකොමු
මිසු නො චතො"

එහි අරුත වන්නේ,

"පැරණි පොකුණ;
ගෙඹි පිනුමක්
වතුරෙ හඬ

යන්නයි.

සිතේ මවාගන්න. පැරණි පෙඳ පාසි ගැවසුනු නිසල පොකුණක්. දැන් එක විටම ගෙම්බෙක් පොකුණට පනී. ජලය කැලඹී හඩක් නිකුත් කරයි.

එපමණකි. ඊට එහා දෙයක් හයිකුවේ නැත.


Saturday, May 27, 2017

ජීවන වේදිකාවෙන් බැස ගිය මහා කලාකරුවානෝ



                                        

සිංහල කවියෙකු , නවකතාකරුවෙකු , කලා විචාරකයෙකු ලෙස ප්‍රකට නමක් දිනා සිටි මහාචාර්ය සිරි ගුණසිංහ මැයි මස 25 වන දින අභාවප්‍රාප්ත විය. කලක් කැනඩාවේ ජීවත් වූ සම්මානනීය මහාචාර්යවරයා මිය යන විට 97 වන වියේ පසුවිය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස සිය ශාස්ත්‍රීය ජීවිතය ආරම්භ කල ඔහු කලක් එහි සිංහල අංශයේ ද දේශකයෙකු විය.
තම පලමු නවකතාව වූ 'හෙවනැල්ල' මගින් සමාජ සංවාදයක් ගොඩනැගීමට සිරි ගුණසිංහයෝ සමත් විය. එම නවකතාව ශ්‍රී ලංකාවේ මහා නවකතාකරුවන් කීප දෙනා අතර සිය නම රැදවීමට මහත් පිටුවහලක් විය.
1960 දශකයෙහි ඇතැම් විචාරකයන් විසින් සිරි ගුණසිංහ ' ශ්‍රී ලංකාවේ පංච මහා නවකතාකරුවන්ගෙන්' එක් නිර්මණකරුවෙකු ලෙස ලේඛනගත කරනු ලැබ ඇත.
පසු කාලයේදී සිය සිනමා ජීවිතය ආරම්භ කළ සිරි ගුණසිංහයන්ගේ සම්මානනීය එකම චිත්‍රපටය "සත් සමුදුර" වේ. එසේම සිරි ගුණසිංහයන් "රන්වන් කරල්" නමින් කෙටි චිත්‍රපටයක්ද අධ්‍යක්ෂණය කර ඇත.
එ⁣සේම සිරි ගුණසිංහයන් කවියෙකු ලෙසද සිංහල සාහිත්‍යයට ඉමහත් සේවයක් ඉටු කර තිබේ. "අභිනික්මන" සහ "මස් ලේ නැති ඇට" වැනි පද්‍ය සංග්‍රහ මගින් ඔහු හදුන්වා දුන් නිදහස් පැදි ආර පසු කාලයේ නිසදැස් කවියට පාර කැපීමක් විය.
පසු කාලයේ ඔහු සිංහල කාව්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩ වන වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය ටෙලි වෘත්තාන්තයක් බවට පත් කලේ ය.

Monday, May 22, 2017

ශ්‍රී ලංකාවේ සිනමා පුරාණය








 
ශ්‍රී ලංකීය සිනමාව යනු ශ්‍රී ලංකාවේ නිශ්පාදිත චිත්‍රපට අඩංගු සිනමාවයි. එය ආධුනික ව්‍යාපාරයක් ලෙස 1947 කඩවුනු පොරොන්දුව චිත්‍රපටයෙන් පටන්ගත් දා සිට අද දක්වා සිටගැනීමට බලවත් උත්සාහයක් දරන්නකි.ශ්‍රී ලංකීය චිත්‍රපට සාමාන්‍යයෙන් සිංහල භාෂාවෙන් නිශ්පාදනය කෙරේ.

පළමුවන අවුරුදු 9 තුළ චිත්‍රපට බොහොමයක් නිශ්පාදනය කෙරුනේ දකුණු ඉන්දියාවෙහිදී ය. එම නිසාම දකුණු ඉන්දියානු ආභාශය ඒ තුළ රෑඳී ඇත. පුරෝගාමී චිත්‍රපට නිශ්පාදක ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් 1956 දී නිශ්පාදිත රේඛාව චිත්‍රපටය සම්පූර්ණයෙන්ම චිත්‍රාගාර වලින් පිටත දී නිශ්පාදිත සැබෑ සිංහල කථා සාරයක් අඩංගු චිත්‍රපටයකි. ජාත්‍යන්තර හා දේශීය වශයෙන් අගය කළද, චිත්‍රපට නැරඹීම සඳහා ප්‍රමාණවත් සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් රට තුළ නොමැති වූ නිසා රේඛාව ආදායම් අතින් ඉතා අසාර්ථක එකක් විය. සංදේශය හා කුරුලු බැද්ද යන චිත්‍රපට වලින් යම්කිසි උත්සාහයක් දැරුවද, 60 දශකයේ මුල් භාගයේ දී ඉන්දීය ආරයේ කථා සාරයන් අඩංගු චිත්‍රපට නිශ්පාදනය විය.

නැවතත් 1964 වසරේදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා විසින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා ගම්පෙරලිය චිත්‍රපටය නිශ්පාදනය කළ අතර මෙය ගීත වලින් තොර පළමු සිංහල චිත්‍රපටය වේ. තවද මෙම චිත්‍රපටයද රේඛාව මෙන් චිත්‍රාගාර වලින් බැහැරව නිපදවන ලද්දකි. එමෙන්ම සිංහල සංස්කෘතිය පිළිබිඹු කළ චිත්‍රපටයක් ලෙස මෙයට ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබින. ගම්පෙරලිය නරඹන්නන්ගේ හා විචාරකයන් යන දෙපිරිසම එක හා සමානව අගයන ලදී. මෙම ඉදිරි ගමනේ ප්‍රතිඵලයක් ලෙස 60 දශකයේ අග භාගයේ දී මහාචාර්ය සිරි ගුණසිංහයන්ගේ සත් සමුදුර අැතුලුව කලාත්මක චිත්‍රපට කිහිපයක්ම බිහිවිය.
බඹරු අැවිත් චිත්‍රපටයෙන් 1970 දශකයේදී දක්ෂයින් බොහෝ දෙනෙකු ඉදිරියට ආ අතර, වාණිජ චිත්‍රපට ඉන්දියානු චිත්‍රපට වලින් සොරා ගැනීම දිගටම කරගෙන යන ලදී. 1979 වසරේ දී නිශ්පාදිත වසන්ත ඔබේසේකරගේ පළමුවන චිත්‍රපටය වන, ඉතා හොඳ ප්‍රතිචාරයක් ලැබූ වෙස්ගත්තෝ හා පළගැටියෝ යන චිත්‍රපට ද තවත් බොහොමයක් ද මීට අතුලත් වේ.මෙම අවදියේ දී ඉදිරියට ආ තවත් අධ්‍යක්ෂකවරයෙකු නම්, ධර්මසේන පතිරාජයි.බඹරු අැවිත් හා අහස් ගව්ව වැනි චිත්‍රපට වලින් නගරයේ තරුණ ජීවිතවල ඇති ආතතිය පිලිඹඳව පරික්ෂා කරන ලදී. විශිෂ්ඨ කලාකරුවෙකු හා කවියෙකු වූ මහගම සේකරයන්ගේ 1970දී නිශ්පාදනය කළ, ඔහුගේ එකම නිශ්පාදනය වූ තුන්මං හංදිය චිත්‍රපටයද ශ්‍රී ලාංකීය සිනමාවේ ඉතා වදගත් චිත්‍රපටයකි.ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිඳ වන, පවිත්‍රා පීරිස් මහත්මියද, 70 දශකයේ දී කාන්තාවන්ගේ ගැටළු පිළිබඳව සිත යොමුකර නිශ්පාදන කළ අතර ගැහැනු ළමයි සහ ගඟ අද්දර ඒවාට නිදසුන් වේ.

ඊළඟ දශක කීපයේ දී තිස්ස අබේසේකර, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර වැන්නෝ මෙම ව්‍යාපාරයට අලුතින් ජීවය පිඹීමට උත්සාහ දරා ඇත. විතානගේ ගේ පුරහඳ කළුවර හා විමුක්ති ජයසුන්දර ගේ සුළඟ එනු පිණිස යන චිත්‍රපට ලංකාවේ නිශ්පාදිත හොඳම චිත්‍රපට ඝනයට වැටේ. තවද, 2005 Cannes චිත්‍රපට උළෙලේදී සුළඟ එනු පිණිස චිත්‍රපටය Camera d'Or සම්මානයෙන් පිදුම් ලැබීය.

පසුගිය අවුරුදු වලදී පවුල් සම්බන්ධතා, ගබ්සාව හා උතුරේ දෙමළ ත්‍රස්තවාදීන් හා හමුදාව අතර ගැටුම් යන අදිය පිළිබඳ හා එවයේ ප්‍රතිඵල පිළිබඳව චිත්‍රපට මගින් විසදුම් සෙවීමට උත්සාහ දරා ඇත. විශේෂයෙන්ම අශෝක හඳගමයන් මේ විෂයන් තොරගනීම නිසා විවේචනයට භාඡනය වී ඇත.





Top of Form

x

අතැඹුලේ ගුණ වරුණ

ආයුර්වේදයේ නැතුවම බැරි  ඖෂධයක් වන නෙල්ලි පැරණි පොතපතෙහි සදහන් වන්නේ "අතැඹුල" යන නාමයෙනි. මේ වනාහි විටමින් සී පදාර්ථය බහුල ලෙස ...