යානි නමැති සංගීතවේදියාගේ මූලික නාමය යානීස් හ්රයිසොමලිස් ය. මොහු උපන්නේ ග්‍රීසියේ කලමටා නගරයේ වන අතර යානි මනෝ විද්‍යා උපාධිදරයෙකි.
යානිගේ නිර්මාණ සදහා විවිධ රටවල් නියෝජනය කෙරෙන වාදන හා ගායන ශිල්පීන් සම්බන්ධ වී තිබීම සුවිශේෂත්වයකි. එමගින් මෙම නිර්මාණවල දැකිය හැකි විශේෂත්වය වන්නේ "විවිධත්වය තුළ දැකිය හැකි එකඟතාවය" යි (diversity).
මොහු කෙරෙන් පිළිඹිබු වන ශෛලීන් අතර "ක්‍රොස් ඕවර්" (crossover)," නවයුග" (new age), "සමකාලීන වාද්‍ය සංගීතය" (contemporary instrumental) යනාදිය දැකිය හැකි ය. එසේම යානිගේ ඇතැම් නිර්මාණ සදහා සම්භාව්‍ය සංගීතවේදීන්ගේ ආභාසය ලැබී ඇත. උදාහරණ ලෙස' standing in motion' නමැති සංගීතාංගය දැක්විය හැකි ය. එය "මොසාර්ට්" ගේ සංගීතාංගයකට සමානකම් දක්වයි.
යානිගේ සංගීතය සංකීර්ණතාවය (complexity), තර්කය (logic) පිළිබඳව නොවන බවත් එය චිත්තවේග (emotions) සහ සන්නිවේදනය (communication) පිළිබඳව බවත් යානි ප්‍රකාශ කරයි. යානිගේ අදහස වන්නේ මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළ හැකි වීම, ඔවුන් අනුප්රානය කිරීම, යහපත් මනෝභාවයන් තැබීම සංගීත සංරචකකෙුගේ ජීවිතාර්ථය බව යි.
niymayi
ReplyDelete