ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ ලෙස තද උණ, වමනය, ඔක්කාරය, ඇගපත වේදනාව සමඟ,
- හුස්ම ගැනීමේ අපහසුතාවයක්, පපුව රිදීමක්
- සමෙහි රතු ලප හට ගැනීමක්
- මුත්‍රා පහවීම අඩු වීමක්
- දියරමය මළපහ පිටවීමක්
- සෙම් ගතියක්
- බඩ රිදීමක් සමඟ බඩ පිපුමක්
- සාමාන්‍ය පුද්ගලයෙකු නම් උණ සෑදී 3 වන දිනයේ දී
- වයස අවුරුදු 1 ට අඩු කුඩා දරුවෙකු හෝ ගැබිණි මවක් නම් උණ සෑදී 1 වන දිනයේ දී
- අවුරුදු 70 ට වැඩි ජේ්‍්‍යෂ්ඨ පුරවැසියෙකු නම් උණ සෑදී 2 වන දිනයේ දී
- නිදන්ගත රෝගයකින් පෙෙළන්නෙකු නම් උණ සෑදී 2 වන දිනයේ දී
ඩෙංගු රෝගියෙකු රුධිර පරික්ෂාවක් මගින් මුල් වරට හදුනා ගැනීම රුධිර පට්ටිකා අඩු වීම මගින් වුවත් රෝහල්ගත කිරීමෙන් පසුව PVC/HCT වැඩිවීම පිළිබඳව දැඩිව අවධානය යොමු කළ යුතු ය.
ඖෂධ භාවිතයේ දී,
උණ සමනයකරගැනීම සදහා paracetamol ඔෟෂධය පමණක් නියමිත මාත්‍රාව හා කාල පරාසයන් තුළ භාවිතා කළ යුතු ය.
උණ අඩුකර ගැනීමට ඇඟපත වේදනාවට වෙනත් කිසිදු ඖෂධයක් භාවිත නොකරන්න. එම ඖෂධ ඩෙංගු රෝගය උත්සන්න වීමට බලපෑ හැකියි.
වෙනත් නොගත යුතු ඖෂධ ගැනීමෙන් උණ හා ඇගපත වේදනාව අඩු වුවත් එමගින් ඩෙංගු රෝගය බරපතල සංකූලතා ඇතිවිය හැකි ය. තවද රුධිරය කැටි ගැසීමෙන් ඩෙංගු රක්තපාතය දක්වා වර්ධනය විය හැකි ය. හැකි ඉක්මනින් රෝගය හදුනාගැනීම/ අවශ්‍ය නම් රෝහල්ගත කිරීම හා නිවැරදි ප්‍රතිකාර තුළින් රෝගය සුව කිරීම සිදු වේ.