හයිකු යනු ජපන් පද්‍ය සම්ප්‍රදායකි. හයිකු කවියක ප්‍රධාන ලක්ෂණය වන්නේ එහි කෙටි බවයි. එය වචන කිහිපයකට සීමා වෙි. එසේම හයිකු කවියට සුවිශේෂී වූ නීතිරීති කිහිපයක් තිබේ.
මෙහිලා හයිකුවේ ආරම්භය පිළිබඳ ව අවධානය යොමු කළ හැකි ය. කවි ගනනාවකින් සමන්විත ජපන් කවි පංතියක් "රෙංගා" හෝ "රෙංකු" යන නමින් හැදින්වේ. පළමු කවිය හැදින්වූයේ "හොක්කු" යන නමිනි. "හොක්කු" යන ජපන් වචනයේ අර්ථය පළමු කවිය යන්නයි. හයිකුවේ අද ඇති නීතිරීති බොහොමයක් හොක්කු කවියට ද අදාල විය.
දහ හත්වන සියවසේ ජපන් කවියෝ හොක්කු කවි, කවි පංතියක පළමු කවිය වෙනුවට තනි නිර්මාණ වශයෙන් යොදා ගැනීමට පටන් ගත්හ. මෙම තනි හොක්කු හැදින්වූයේ හයිකු යන නමිනි.
හයිකු බිහි කිරීමේ පුරෝගාමී මෙහෙයක් ඉටු කලේ "මත්සුවෝ බාෂෝ" විසිනි. ඔහු හයිකු කවියේ පියා ලෙස සැලකේ. එසේම එතෙක් මෙතෙක් බිහිවු විශිෂ්ටතම හයිකු කවියා ඔහු ය.
හයිකුවකට පාදක වන්නේ යමිකිසි එක මොහොතක හෙවත් ක්ෂනයක සිදුවන සිදුවීමක් හා ඒ අනූව ඇතිවන චිත්ත සංඥාවකි. හයිකුවක යටි පෙළක්, සැඟවුනු අරුතක්, සමාජයට දෙන පණිවිඩයක් හෝ උත්ප්‍රාසයක් නැත. යම් කිසි සිදුවීමක් දකින කවියා ඒ අනූව ඇතිවන චිත්ත සංඥාාව
කවියට නගයි.
එක් මොහොතක සිදුවන සිදුවීමක් අරමුනු කරන හයිකු සෙන් බෞද්ධ සම්ප්‍රදායේ බිහි වූවකි. මෙි වනාහි භාවනාවකි.
මත්සුවෝ බාෂෝ විසින් රචිත "පැරණි පොකුණ" නම් හයිකුව විශිෂ්ට හයිකුවකි.
"ෆුරුසිකෙ යා
කවාසු තොබිකොමු
මිසු නො චතො"
එහි අරුත වන්නේ,
"පැරණි පොකුණ;
ගෙඹි පිනුමක්
වතුරෙ හඬ
යන්නයි.
සිතේ මවාගන්න. පැරණි පෙඳ පාසි ගැවසුනු නිසල පොකුණක්. දැන් එක විටම ගෙම්බෙක් පොකුණට පනී. ජලය කැලඹී හඩක් නිකුත් කරයි.
එපමණකි. ඊට එහා දෙයක් හයිකුවේ නැත.
No comments:
Post a Comment